ආයුබෝවන්
මම නාලක- මේ මගේ සිත් සටහනයි.
ලස්සන ලංකාවෙ තවත් එක් පුරවැසියෙක් ලෙස ජීවිතය දකින මම, මගේ සිතිවිලි මෙතන සටහන් කරන්නයි අදහස…
පර්යේෂකයෙකු හා පරිගනක වෘතිකයෙකු ලෙස මා හදුන්වා ගන්නට කැමැතියි. ඒ වගේම, ඉගැන්වීමත් ලිවීමත් මම කරනවා.
සිංහල මගේ පළමු බසයි- ඉංග්‍රීසි දෙවැන්නයි. ඒ දෙබසින්ම මෙහි ලියන්නයි අදහස.
යම් දවසක, දෙමළ බසින් ලියන්නත් අදහසක් තිබෙනවා. හැබැයි ඉතින් ඉස්සෙල්ලා දෙමළ ඉගෙන ගෙන ඉන්න ඕනා.
මේ සිත් සටහනේ “පිළිතුරු සටහනක්” තියන්න අදහස් කරන කට්ටිගෙන් පොඩි ඉල්ලීමක්.
සිංහල බසින් පමනක් මා ලියූ සටහනකට, පිළිතුරු සටහනක් තබන විට සිංහලෙන් පමණක් තබන්න.
ඉංග්‍රීසි බසින් පමනක් මා ලියූ සටහනකට, පිළිතුරු සටහනක් තබන විට ඉංග්‍රීසියෙන් පමණක් තබන්න.
ඕනම කෙනෙක‍්ට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සිතට එන දේ තමන් කැමති බාසාවකින් කීමට හැකිනම් එය අගය කරමි. (මෙසේ අදාල භාෂාවෙන් පමණක් පිළිතුරු බලාපොරොත්තු වන්නේ ඇයිදැයි නොතේරේ)
ජයකොඩි,
මේ සිත් සටහන සදහා මා ඉලක්ක කරන එක් “පරිශීලක කොට්ඨාශයක්” සිංහල පමණක් උගත් අය. දැනට ඒ කොට්ඨාශයට අයත් කිසිවෙක් මෙහි නැති වුනත් ලගදීම එක්කරගන්න බලාපොරොත්තු වෙනවා.
තවත් “පරිශීලක කොට්ඨාශයක්” ඉංග්‍රීසි පමණක් උගත් අය.
තවත් “පරිශීලක කොට්ඨාශයක්” සිංහල/ඉංග්‍රීසි දෙබසම උගත් එහෙත් සිංහලෙන් ලිවීම ආශ්වාදයක් ලෙස සලකන අය. ඔබත් මමත් වගේ…
ඒ වගේම මම අදහස් කරනවා සෑම “සිත් සටහනක්ම” සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම “ලිපි” දෙකක් ලෙස පළකරන්න.
උදාහරනයක් ලෙස ගතහොත් මගෙ පළමු ලිපිය “Hello” දෙවැන්න “ආයුබෝවන්”- ලිපි දෙකම එකම “සිත් සටහන”, ඒත් භාෂා දෙකකින්.
එවිට ඕනෑ කෙනෙකුට, ඕනෑම දෙයක්, සම්බන්ධයෙන් සිතට එන දේ තමන් කැමති භාෂාවකින් කියන්න පුළුවනි. ඒ වගේම ඒ ඒ භාෂාව පමණක් උගත් අයට තමන් සංවාදයෙන් ඉවත් වුනු බවක් හැගෙන්නේ නැහැ.
මේ ගැන ඔබේ වැඩිදුර අදහස් දැනගැනීමට කැමැතියි.
පවතින කාර්ය බහුලත්වය තුල ඉදිරියේදී එකම සිත් සටහන භාෂා දෙකකින් ලිවිමට කාලය යොයා ගැනීම ඔබට හැකි වේදැයි මට සාධාරණ සැකයක් උපදී. (පටන් ගැනීමේදී කෙසේ වෙතත්)
නමුත් ඔබට ඔබගේ ඉලක්කගත මුළුමනින්ම ඉංග්‍රීසි භාවිතා කරන්නන් මෙහි කැදවා ගැනීමට වෙනත් විකල්පයක් ද නොමැති නිසා ම මෙසේ කරන්නට සිදුවී ඇති බව පෙනේ.
කෙසේ වුවත් සිත් සටහන තවම ඉපදුනා පමණි. එය ලොකු මහත්වන විට එහි හපන්කම් තව තවත් දැක ගැනීමට හැකි වෙතැයි සිතමි
ඔබට ජය
හිතවත් නාලක,
ඔබගේ උත්සාහය ඉතා අගයකොට සලකමි. හෙළයන් හෙළ බසින්ම පරිගනකය භාවිතා කරන දිනය බොහෝ දුර නොවන බව මගේ අදහසයි. ඔබගේ මෙම උත්සාහයද ඒ සඳහා උපකාරයක වනු ඇත.
ඔබට ජය,
Hi Nalaka,
Really that is awesome Blog, Sorry for typing in English,
Good Luck,
Cham
I did nt think to reply only this this thread. My reply for whole blog.
ජය වේවා !
වින්ඩෝස් විස්ට වලට අළුත් සිංහල අකුරු මොනවත් තියෙනවද