උපන්දින සිතිවිල්ලක්
මම මේ පොළොවෙ පය ගහලා අදට වසර 31 ක් …
දන්නෙම නැතුව කාලය ගතවී ගොහින්. වගක් නැතිව කෙළිදෙලෙන් හිටි ළදරු කාලය, සුන්දර පාසල් කාලය, විශ්ව විද්‍යාල ජීවිතය, කාර්යාල සේවය: මේ සියල්ල නාට්‍යයක ජවනිකා වගේ මා පසු කර ගිහින්…
කවදාවත් උපන් දින වැඩි විශේෂත්වයකින් සැලකූ කෙනෙක් නොවේ මම. ඒත් උපන් දිනය කියන්නේ ජීවිතයේ අපි ඉන්න තැන ගැන මදකට නැවතිලා හිතා බලන්න අවස්ථාවක් ලෙස මම සලකනවා. ජීවිතයේ මෙතෙක් කළ නොකළ හා ඉදිරියට කළයුතු දේ ගැන මෙනෙහි කරන්න මේ අවස්ථාවක්.
අපි හැමදාමත් මෙතන ඉන්නේ නැහැ. අද හෝ දශක කීපයකින් හෝ අප කාගේත් ආයු හමාර වෙනවා. ඉන් පස්සෙ වෙන හෝ නොවෙන දේ ගැන අපි මොනවා විශ්වාස කලත් මම හිතන්නේ අපි හැමෝම එක දෙයක් ගැන එකඟ වෙනවා; ජීවත් වෙලා ඉන්න කාලය ඉතා වැදගත් බව. අනිවාර්යයෙන් ම අපි ලද මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි!
සුභ උපන්දිනයක් වේවා!
Happy birthday!