වට රවුම
ටික කාලයකට කලින් ඉරිදා දිවයනේ පළවුන “වට රවුම” තීරු ලිපිය මතකද?
එදිනෙදා ජීවිතයේ දී සාමාන්‍ය මිනිස්සුන්ගේ මනුස්සකම ගැන ආදරණීය ලෙස ලියවුන ලිපි පෙලක් එය.
පහුගිය වසරවල ඒ තේමාව යටතේ ලියවුන තවත් තීරු ලිපි කීපයක් පුවත් පත් හා සඟරා වල පළවුනත් මට හිතෙන්නේ ඒ ප්‍රමාණය හොදටම මදි කියලයි. අපේ මාධ්‍ය අපට පොවන අසුන්දර පුවත් සහ ඕපාදූප අතරේ සුළුවට ඉදිරිපත් කරන මේ සුන්දර පුවත් ගිලී මිලින වෙලා යනවා …
සාමාන්‍ය ජීවිතයේ දී මිනිසුන්ගේ මනුස්සකම ගැන කතා වැඩිපුර අහන්න, දකින්න ලැබෙන විට, හොද ක්‍රියාවන් කැපවීම් සමාජයේ ඇගයෙන විට, අපිත් අපේ ජීවිතයේ එබදු අවස්ථාවක හොද දේම කරන්නට පෙළබෙනවා නේද?
එසේ හොද දේ කිරීමට දිරි දීම වඩාත් ධාර්මික සමාජයක් කරා අප යන ගමනට අත් වැලක්.
leave a comment