සිතිවිලි (Sithiwili)

මාර්ග නීති කාවෙනුවෙන්ද?

Posted in Thoughts by Nalaka(නාලක) on December 11, 2007

trafficrules1.jpgසෙමෙන් ඉදිරියට ඇදෙන රථ පෙල අතරින් රිංගමින්, වරෙක දකුණු පැත්තෙන් ද වරෙක වම් පැත්තෙන්ද අනිත් වාහන පසුකරමින්, නලාවේ සහ තම විශාලත්වයේ පිහිටෙන් ඉදිරියට දිවෙන රථයක් …

අනික් දිශාවට ධාවනය වන තවත් රථයක් …

දෙවැනි රථයේ රියදුරා තම වාහනයේ ඉදිරි ලාම්පු මොහොතකට දල්වා ඉදිරියෙන් එන වාහන වලට යම් සංඥාවක් දෙයි.

මෙතෙක් වෙලා ආවේශයෙන් මෙන් රිය පැදවූ පළමු රියදුරු වහා සන්සුයි වෙයි. තම වේගය අඩු කරගන්නා ඔහු මග මැද ඇති තනි ඉර පවා නොකැපී යන ලෙස නියම තීරුවේ තම රථය හසුරවයි.

දැන් ඔහු ආදර්ශමත් රියදුරෙක්!

‍බොහෝ රියදුරන් එකිනෙකාට දී ගන්නා, මග මරුවන් මග උපාසකයන් කරන මේ බලගතු සංඥාව කුමක්ද? මාර්ග සංඥා පොතේ පවා දක්වා නොමැති ඒත් සැවොම දන්නා, සැවොම කීකරුවෙන සංඥාව …

“මාර්ග පොලීසිය ඉදිරියෙන් – දඩ නොකනු”

අනේ අපොයි අපේ මාර්ග නීති … ඒ කාවෙනුවෙන්ද?

There is no English version of this post.

One Response

Subscribe to comments with RSS.

  1. T. Jayakody said, on December 12, 2007 at 11:26 am

    ලංකාවේ රියදුරු බලපතක් Rs. 4000.00 – 5,000.00 කට ලබා ගැනීම එතරම් ව්ශාල කාරණයක් නොවේ. (අදාල ලිඛිත පරීක්ෂණයට පවා පෙනී නොසිට) මෙනිසා ලියන්න කියන්න නොදන්නා හික්මීමක් නැති රියදුරෝ බොහෝ සෙයින් ‍අපේ පාරවල් වල වෙයි. මෙම රියදුරන්ගෙන් ආදර්ශමත් රියදුරෙක් බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම එවැනි රියදුරන්ට උඩගෙඩි දෙන නාලක කියන සැවොම දන්නා, සැවොම කීකරුවෙන සංඥාව දෙනු ලබන රියදුරන්ද විරල නොවෙයි.

    ‍මෙහි දී කිසිවෙක් යමක් මේ වෙනුවෙන් කරණ තුරු බලා නොසිට අපට කල හැක්කේ කුමක්ද?

    අප රියදුරෙක් ව‍ශයෙන් සිටින විට කිසිවිටකත් වැරදි කරන රියදුරෙක් වෙනුවෙන් මෙම අමුතු සංඥාව ලබා නොදිය යුතු අතර, අපගේ හිතමිතුරන් ඇතුළු හැකි සෑම කෙනෙක් වෙතටම මේ පණිවිඩය ලබා දිය යුතුද වෙයි. එවිට කල් යත්ම ඉබේම අප මාර්ගයේ මගියෙක්, පදිකයෙක් හා රියදුරෙක් ලෙස සිටින විට අපගේ අයිතිවාසිකම්, අපේ ආරක්ෂාව අපිට ලැබෙනු ඇත.

    අපට අප වෙනුවෙන් මේ සදහා කල හැකි තවත් දේ වෙත්ද ?


Leave a Reply