සිතිවිලි (Sithiwili)

2008 සදහා වසර සැලසුම්කරයක්

Posted in ස්ව වර්ධනය by Nalaka(නාලක) on February 4, 2008

මුද්‍රන යන්�්‍රය �ුලින් එලියට එන වසර සැලසුම්කරය

අපේ එදිනෙදා වැඩ වලට වසර සැලසුම්කරයක් (year planner) බොහොම ප්‍රයෝජනවත්.
පොත් සාප්පු කීපයකම හොයා බැලුවත් මිලදීගන්න තිබුනෙ නැහැ.
බැරිම තැන පහුගිය සතියේ මම ම හැදුවා එකක්.
වෘත්තීය මට්ටමේ නිර්මාණයක් නෙවේ- යන්තම් වැඩේ කරගන්න ඇති තරම් එකක්.
TIFF පින්තූරයක් ලෙස මුද්‍රණයට සැකසූ (150dpi ක විභේධනයකින්) වසර සැලසුම්කරය මෙතනින් බාගත කරගන්න. කරුණාකර ඉහත යොමුවට කෙලින්ම යන්න එපා. ඒ යොමුව ඇත්තටම jpg පින්තූරයක් නොවේ- ඒ විදියට පෙනීහිටින සිප් ෆයිල් එකක්. දකුණු මූසික බොත්තම ඔබා save file as … විධානය භාවිතා කර ඔබේ පරිගනකයට බාගන්න. වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගය සිප් ෆයිල්ස් භාවිතයට ඉඩ නොදෙන නිසයි මෙලෙස කරන්න වුනේ.

මෙය බිත්තියේ ගහගන්න තරමේ A0 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන්නයි නිර්මාණය කලේ.
A0 ප්‍රමාණයේ කඩදාසියක් කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන A4 කඩදාසි 16 ක ප්‍රමාණයක්. හරියටම කියනවානම් අඟල් 46.8 x අඟල් 33.1 ක ප්‍රමාණයක දිග පළලක්.

සාමාන්‍ය නිවාස සැලසුම් ආදිය මුද්‍රණය කරන තැනකින් (CAD printing) රුපියල් 325/= ක පමණ මුදලකට මෙය මුද්‍රණය කරගන්න පුළුවනි. මම මුද්‍රණය කලේ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය ලග තැනකින්.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.