සිතිවිලි (Sithiwili)

ජයමංගලානී…

Posted in සිතිවිලි by Nalaka(නාලක) on May 26, 2008

පෝරුවේභාවුන් සහස්ස මබිනිම් – මිථසා යුදන්ථන් …
ගිරිමේඛලන් උදිත ඝෝර – සසේන මාරං …
ධානාදි ධම්ම විදිනා – ජිතවා මුනින්දෝ …
තන්තේජසා භවතු තේ – ජයමංගලානී….

ගාථා කොපමණ තිබුනත් මම හැමදාමත් ආසම ආස කලේ ඒ ගාථා පෙලට … සමහරවිට ඒ ජයමංගල ගාථා ගායනා කෙරෙන තාලය හා විලාසය නිසා වෙන්නැති.

හැබැයි පහුගිය මාසයේ, ඒ කියන්නේ අප්‍රේල් 25 වැනිදානම් මම ඒ ගාථා අහගෙන හිටියෙ වෙනදාට වඩා වෙනස් හැගීමකින්. මොකද මම වෙනදා ඉන්න තැන නෙවේ එදා හිටියේ-
තරමක් උඩින්, වෙනදට අදින්නෙ නැති මාදිලියේ ඇදුමකුත් ඇදගෙන …

ප්‍රාර්ථනා පස්සෙ කීවා එයාට එතනට වටේ ඉන්න හැමෝම හොදට පෙනුනලු- ඉතින් හොදට කට්ටිය අපි දිහා බලන හැටි බල බල හිටියලු ..
මට නම් අවට සිරිනරබන්න තරම් ‍සිහියක් තිබුනෙ නැහැ- මහා සම්මත රජ්ජුරුවන්ගේ දෝනියැන්දෑගේ මනමාලයාගේ ඉදන් ආපු මනමාල සනුහරේම වගේ මගේ හිතෙත් තිබුනේ බහින්නෙ කොයිවෙලේද වගේ ගැටළු තමයි ….

දැන් ඉතින් මාසෙකුත් ගියා- ෆෝර්ම පුරවනකොට මතක් කරලා ‍‍”විවාහක” කියලා දාන්න ඕනා… :)

ඇවිත්, දුරකථනයෙන්, විදුලි තැපෑලෙන් … සුභ පතපු අවවාද දුන් හැමෝටම පින්.

11 Responses

Subscribe to comments with RSS.

  1. Angel said, on May 26, 2008 at 6:16 pm

    Attractive couple! Congrats and best wishes for a happily married life!

  2. නිදහස් අදහස් said, on May 26, 2008 at 6:21 pm

    සුබ පැතුම්

  3. Bo said, on May 26, 2008 at 7:27 pm

    Best wishes !සැපවත් අර්තවත් ජීවිතයකට සුභ පැතුම්.. සියල් සතුට සහ සැනසුම පතමි ඔබ දෙපලට

  4. Dulip said, on June 2, 2008 at 4:01 am

    Dear Nalaka Ayya,
    I wish you a very happy marriage life…!!!
    Best
    Dulip

  5. Prasad said, on June 13, 2008 at 1:54 pm

    Best Wihses!

  6. puncha said, on June 16, 2008 at 12:22 pm

    kella lassanay, good luck ayyandi.

  7. සු said, on July 10, 2008 at 8:53 am

    මම මේක දකින කොට මාසෙකුත් ගිහින් නේද ? දැන් කොහොමද බැඳීම් ගැන හැඟීම්..
    පහුවෙලා හරි මමත් කිව්වා ඔන්න දෙන්නාටම .. ජය මංගලානි….
    බත බුලතින්, සුව සතුටින් පිරුණු දිවියකට ආසිරි !

  8. පඩුවස් said, on July 17, 2008 at 10:29 pm

    අදයි මංගල ඡායා රූපය දැක්කෙ ඉතිං මගෙ අතිං කවියක් ලියවුනා……………….

    සැමදා පිපී මුව මත සුභ සිනාව්න්
    පිංබර දරු වෙකුට ලෙස ගරු පියාව්න්
    බිරිඳට සැමියා වී පිරි තිරි දයාවන්
    සුභා සිරි ගෙනෙමි දිවි මග වා සනාවන්

  9. said, on April 9, 2009 at 10:23 am

    හැබෑටම තනිකඩ ජීවිතේද විවාහ ජීවිතේද හොඳ?

    එකපාරක් Discovery එකේ ඇහුවා ජයමංගල ගාථා පොඩි සංගීත මිශ්‍රනයක් එක්ක . එක නම් නියමයි

  10. thushara said, on May 19, 2009 at 9:33 am

    yes the good live married

  11. thushara said, on May 19, 2009 at 9:35 am

    i like live marrid. what is many mind. happy.


Leave a Reply