සිතිවිලි (Sithiwili)

“නිදහස් අධ්‍යාපනය” සහ “‍නොමිලේ අධ්‍යාපනය”

Posted in සිතිවිලි by Nalaka(නාලක) on December 22, 2007

ed2.gifමම බස් එකක.
කොළඹ කොටු‍ව දුම්රිය පොළ ලගින් ගොඩවුණා තරුණ පහේ ළමයි කීප දෙනෙක්- ගැහැණු ළමයින් දෙන්නෙකුත්, පිරිමි ළමයෙකුත්.

කණ්ඩා‍යමේ නායකයා උස් හඩින් පටන් ගත්තා, “ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය …”

කට්ටිය විශ්ව විද්‍යාලයකින්, කතාවෙන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් වගේ. අපෙන් ඉල්ලා හිටියා නිදහස් අධ්‍යාපනය සුරකින්න උදව් කරන්නයි කියලා …
ඔහු කියන විදියට තර්ජනය තිබෙන්නේ පෞද්ගලික වි‍ශ්ව විද්‍යාල වලින්. සමහර ශිෂ්‍යයන් “A” සාමාර්ථ තුනක් අරගෙනත් ජාතික විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරිව ඉදිද්දී “පොහොසතුන්ගේ දරුවන්”‍ යන්තම් උසස් පෙළ සමත් වෙලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධි අරගන්නා බවත්, ඔවුන් අපේ ජාතික විශ්ව විද්‍යාල ‍වලින් එලියට එන දරුවන්ගේ රැකියා අවස්ථා පැහැරගන්නා බවත් ඔහු කීවා.

ඔහුට අනුව නිදහස් අධ්‍යාපනය සුරකින්න නම් පෞද්ගලික වි‍ශ්ව විද්‍යාල තහනම් කළ යුතුයි!!!!

වර්තමාන හා අනාගත ලංකා දූ පුතුන් වෙනුවෙන් ඔවුන් ගෙන යන අරගලයට ආධාර දෙන්නයි ඔහු බසයේ සිටි අයගෙන් ඉල්ලා සිටි‍යේ.
ඉල්ලුවේ පොඩි උදව්වක්- රුපියල් දහයේ ස්ටිකර් එකක් ගන්න කියලා.

මාත් ගත්තා එකක්, ඔවුන් කී කරුණු වලට එකග වූ නිසා නොවේ, මාත් කලකට පෙර සරසවි සිසුවෙක් ව සිටි නිසා.
සිතන්ට යමක් ඉතිරි කර ඔවුන් බසයෙන් බැස ගියා…

“නිදහස් අධ්‍යාපනය” කියන්නේත් “‍නොමිලේ අධ්‍යාපනය” කියන්නෙත් එකක්මද?

මගේ අවබෝධයට අනුව “නිදහස් අධ්‍යාපනය” යනු ඕනෑම කෙනෙකුට කිසිම බේදයකින් (ස්ත්‍රී/පුරුෂ, බාල/මහළු, ජාතිය භාෂාව හා ආගම, කුලය, අංග විකලතාවයන්, … ) හෝ බාධාවකින් තොරව ඕනෑම ‍විෂයක් ගැන අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතියයි.

“නිදහස් අධ්‍යාපනය” කියන්නේ “‍නොමිලේ අධ්‍යාපනය” ම නොවේ !!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඇති උසස්තම ප්‍රතිපත්තියක්, සෑම ළමයෙකුටම නොමිලයේ උසස් පෙළ දක්වාම පාසල් අධ්‍යාපනය ලබා දීමට පහසුකම් සැපයීම‍.
අපේ රට/රජය මේ සදහා ඉතා විශාල මුදලක් වියදම් කරනවා.
අපි සාක්ෂරතාවය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නටත් එය එක හේතුවක්.

උපාධි මට්ටමේ දී උසස් පෙළ සමත් සෑම ළමයෙකුටම නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට තරම් ‍සම්පත් අප රට සතුව නැහැ.
එනිසා උසස් පෙළ සමත් සිසුන්ගෙන් ඉතා කුඩා ප්‍රතිශතයකටයි සරසවි වරම් ලබා දිය හැක්කේ.

ඒත්, උසස් පෙළ සමත් නමුත් සරසවි වරම් නැති සිසුන්ගේ ද “නිදහස් අධ්‍යාපන අයිතිය” සුරකින්නට අවශයයි නේද?

ඒ අඩුව පුරවන්නටයි පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවුනේ‍.

නොමිලයේ අධ්‍යාපනය අහිමි සිසුන්ට පෞද්ගලික අංශ මගින් මිලකට අධ්‍යාපනය ලබා දීමේ ඇති වැරැද්ද කුමක් ද?

රජයේ විශ්ව විද්‍යාල සෑම එකකම පශ්චාත් උපාධි මට්ටමේ දී මුදල් අය කරනවා.
පෞද්ගලික විශ්ව විද්‍යාල “උපාධි විකුණනවා නම්” රජයේ සෑම විශ්ව විද්‍යාලයක්මත් “පශ්චාත් උපාධි විකුණනවා” යි චෝදනා කරන්නට පුළුවනි නේද?

බසයේ දී හමුවූ සිසුන් කියන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කිරීමෙන් වෙන්නේ “උසස් පෙළ සමත් එහෙත් සරසවි වරම් නැති සිසුන්ගේ” නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කිරී‍මක් නොවේද?

අනිවාර්යයෙන් මේ කරුණ තේරුම් ගැනීමට තරම් ඔවුන් බුද්ධිමත් …
එසේනම් ඔවුන් මේ සටන් කරන්නේ කුමක් සදහාද?

රැකියා අවස්ථා සදහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුන් හා තරග කරන්නට වෙන නිසාවෙනුයි ….

පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ගේ වඩා හොද ඉංග්‍රීසි බස හැසිරවීම, වඩා හොද අන්තර් සන්නිවේදන හැකියාව හා ‍සමහර අවස්ථා වලදී රැකියාවට වඩාත් අදාළ අධ්‍යාපනයක් ලැබීම ආදිය හේතුවෙන් ඔවුන් හා තරග කිරීමේදී ජාතික සරසවි සිසුන් යම් පසුබෑමකට ලක්වෙනවා.

(මේ කරුණ බොහෝ විට අදාල වන්නේ කලා, විද්‍යා, වාණිජ හා පරිපාලන උපාධි සිසුන්ට බව මතක් කළ යුතුයි- වෛද්‍ය ඇතුළු තාක්ෂණික උපාධි සිසුන්ට නොවේ)

ජාතික සරසවි සිසුන් උසස් පෙළදී පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සමග තරග කර ඉහළින්ම දින්නා‍ නොවේද?
දිනූ නිසා නොවැ ඔවුන් ජාතික සරසවි වරම් ලැබුවේ …

උසස් පෙළ දී ඉදිරියෙන් සිට රැකියා සෙවීමේදී පස්සට යනවානම් වැරද්ද ඇත්තේ කොතැනකද‍?

විශ්ව විද්‍යාලය තුළ වන්නට පුළුවනි.

පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කිරීමට උත්සාහ කිරීම වැරදි, ළඟාවිය නොහැකි ඉලක්කයක්. මට බසයේදී හමුවූ සිසුන් හා ඔවුන් නිරූපනය කරන සිසු කුලකය ඒ කාලය හා ශ්‍රමය නිවරැදි, ළඟාවිය හැකි ඉලක්කයක් කරා යොදවනවානම් …

පැහැදිළිවම ඉලක්ක කල යුත්තේ ඒ ඒ සිසුවාගේ ස්වයං වර්ධනයත්, ජාතික විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනයේ “ගුණාත්මක හා අදාළත්වතාවයේ” සංවර්ධනයකුත් ඇති කර ගැනීමයි.

ප්‍රායෝගිකව ඒ වෙනස ඇති කිරීමට හැකියාව ඇත්තේ රජයට නොව ඒ ඒ විශ්ව විද්‍යාල වල ආචාර්ය මණ්ඩල වලටයි. මන්ද යත්, පාසල් තුළ මෙන් නොව විශ්ව විද්‍යාල වල අධ්‍යාපනයේ දී උගන්වන්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ ආචාර්යවරුන් විසින්ම බැවින්.

එය කළ නොහැක්කක් නොවේ.
‍ඒ සදහා රුපියල් මිලියන ගණනින් විදේශ ආධාර ද අවශ්‍ය නොවේ.

අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වෙතින් පුද්ගල මට්‍ටමෙන් කැපවීමක් හා ශිෂ්‍යයන් මගින් ආචාර්ය වරුන් තුළ ඒ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමකුත් පමණයි.

7 Responses

Subscribe to comments with RSS.

  1. Yasith Abeynayaka said, on December 24, 2007 at 1:44 pm

    Awesome topic mate!

    Do you mind if I comment here in English OR shall I wait till you come up with an English version

  2. Nalaka(නාලක) said, on December 24, 2007 at 9:20 pm

    Yasith,
    Thanks. I just posted the English version of this post.
    So please go ahead and comment on that.

    These are not word-to-word translations. Rather I try to preserve the spirit of the thought behind the post.

    It got longer than I expected.🙂

  3. Samanthi Mahathanthila said, on December 28, 2007 at 5:31 pm

    It was nice to read ur blog on Education. When our students shouting against the private universities, I was silent because I felt an insincerity of their opinion. But never convinced the reason.
    As soon as I read ur blog I realised the truth.
    You are doing a briliant job by issuing such viewpoints.
    I’ll try to distribute the truth gently at least among my students.
    Thanks and good luck.

  4. හර්ෂණ වීරසිංහ said, on March 10, 2008 at 1:21 pm

    මා දකිනා අන්දමට රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් මෙසේ පවසන්නේ පෞද්ගලික විෂ්ව විද්‍යාල වල මුදලට අධයාපනය ලබා දීමත් සල්ලි තියෙන පුද්ගලයින් ප්‍රධාන සමාගම් වල ඉහල නිල තල දැරීමත් තුල ඇති ඉරිසියාවටයි. මන්ද මුදල් තිබෙන විට වියදම් කර අධ්‍යාපනය මිලට ගත හැකි සේම මුදල් නොමැති අයට නොමිලයේ ලැබෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නොමැති නිසා (විශ්ව විද්‍යාප වලින්) බාහිර උපාධි හා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලට මොවුන් වෛර කරයි. මොනව කරන්නද ? ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනෙ. 🙂

  5. Thushara said, on July 24, 2008 at 9:56 am

    thats agood blogger’

  6. lakmini said, on June 24, 2009 at 4:48 pm

    I really agree with you…that is true..

  7. මධුර said, on October 31, 2009 at 2:25 pm

    රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනගත්ත කෙනෙක්ගෙන් මෙහෙම කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්. කෙසේ වෙතත් මේක තමා යථාර්තය මේ කොමර්ශල් ලොකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල එක්ක හැප්පෙන්න ගිහිල්ලා මේ තියෙන ටිකත් නැතිම වෙලායයි ද කියලත් වෙලාවකට හිතෙනවා! ලාංකික අධ්‍යාපන ක්‍රමය වගේ එකක් නම් මං වෙන රටක තියෙනවා අහලම නෑ, නොමිලයේ අධ්‍යාපනය කියලා දෙයක් නම් කොහොමටවත් නෑ.
    ජපානයේ තමා ලගින්වත් යන ක්‍රමයක් තියෙන්නේ, ඇමෙරිකාවේ ඕන කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන් හැබැයි ණයට. ජපානයේ අධ්‍යාපන බරපැන දරාගන්න බැරි සිසුන්ට රජයෙන් සපෝට් එක ලබාදෙන වැඩ පිලිවෙලක් තියෙනවා, ඒකට මුදල් ලැබෙන්නේ රජයේ බදු වලින්. මේ ක්‍රමය තමා හොදම ක්‍රමය හැමකෙනාටම මෙම වරප්‍රසාදය ලබා දෙන්නේ නැතුව එයට වියදම් කරන්න බැරි අයට ලබා දීම ඉතාම හොදයි(ලංකාවේ ඉන්න හොරු එක්ක මේවා සාර්ථකව කරන්න නම් බැරිවෙයි). මෙම ක්‍රමයේදී ශිෂ්‍යයාට මුදල් ලබා දෙන්නේ ‘scholarship’ ආකාරයටය මෙම මුදල් අනිවාර්යයයෙන්ම ඉගෙනීම සදහා පමණි.
    ලංකාවේ මෙවන් ක්‍රමයක් නැති නිසාම විශාල ප්‍රමාණයක් දුක් විදී. දුප්පත් ළමයි ඉගෙනගන්න එක ඇත්ත එහෙත් ඔය ක්‍රමය නිසා රජයට සිදුවන පාඩු නිසා නව විශ්ව විද්‍යාල ස්ථාපනය නොකිරීමෙන් තව කීයක් දුප්පත් ළමයි අපොස උ.පෙ පාස් වෙලත් ගෙදරම ඉන්නවද? මේ අයට තේරෙන්න කියන්න ඕන නම් හැම එකක්ම දුප්පතාගේ කෝණයෙන් බලලා කියන්න ඕන. එක අතකින් ගත්තාම මේක දේශපාලනයටත් සම්බන්ධයි. විශේෂයෙන්ම මේ (එක) දේශපාලන පෙරමුණක් ඉන්නවා ඒ අය ළමයින්ගේ සිත්වල තමන්ගේ ‘වාදය’ මරු කියලා පෙන්වන්නේ ‘උඹලා දැන් මේ නිකන් ඉගෙනගන්නේ අපේ concept නිසා’ වගේ සිතුවිල්ලක් හිතට ඇතුලු කරලා. ප්‍රයිවට් අය ඉන්නේ මේකෙම අනික් පැත්තේ. හැබැයි ඒක එහෙම වෙන්නේ කවුරුත් කියලා නෙමේ තමන්ට පිහිට උනේ සල්ලි කියන මතය නිසා, ඒකත් පසුකාලීනව වෙනස් වෙනවා(උනේ නැත්නම් ඉතින් පිරිහෙනවා).
    ප්‍රයිවට් අය රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් වගේ රජයේ ඒවා නවතවන්නය කියලා කෑගහන්නේ නෑ ඒ අය තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන තමන්ට උ.පෙ දී දිනාගන්න බැරි උන දෙය අත ඇරලා(තමන්ගේ වටිනා කාලය කැප නොකොට) වෘත්තීය නිපුනත්වයක් ලබාගෙන හොදට හම්බ කරන් ඉන්නවා, කොම්පැනි වලට අවශ්‍ය වැඩ පුළුවන් අය රජයේ විශ්ව විද්‍යාල, පෞද්ගලික වි.වි නෙමේ ලෑලි ගෙදරක ලාම්පුවෙන් ඉගෙනගෙන හරි වැඩ පුළුවන් නම් ඒ අය ගන්නවා.
    ඔය තර්කය විදහා දක්වන්නේ ඔය ‘concepts’ හා වාද පතුරන අය තමන්ට ඉගෙනගැනීමට තිබුන කාලය ඒවා සදහාම වෙන් කරලා ජොබ් එකක් හොයාගන්න බැරිවෙයි කියලා හිතේ ඇතිවුන බයට කියලයි මට හිතෙන්නේ ලංකාවේ අනිත් දේවල් වගේම ඕවා රජය පැත්තෙන් නොවිසදෙන ප්‍රශ්න ජනතාව විසින් විසදාගැනීමට තමා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ උනේ.(මට හිතෙන හැටියට)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: