සිතිවිලි (Sithiwili)

2008 සදහා වසර සැලසුම්කරයක්

Posted in ස්ව වර්ධනය by Nalaka(නාලක) on February 4, 2008

මුද්‍රන යන්�්‍රය �ුලින් එලියට එන වසර සැලසුම්කරය

අපේ එදිනෙදා වැඩ වලට වසර සැලසුම්කරයක් (year planner) බොහොම ප්‍රයෝජනවත්.
පොත් සාප්පු කීපයකම හොයා බැලුවත් මිලදීගන්න තිබුනෙ නැහැ.
බැරිම තැන පහුගිය සතියේ මම ම හැදුවා එකක්.
වෘත්තීය මට්ටමේ නිර්මාණයක් නෙවේ- යන්තම් වැඩේ කරගන්න ඇති තරම් එකක්.
TIFF පින්තූරයක් ලෙස මුද්‍රණයට සැකසූ (150dpi ක විභේධනයකින්) වසර සැලසුම්කරය මෙතනින් බාගත කරගන්න. කරුණාකර ඉහත යොමුවට කෙලින්ම යන්න එපා. ඒ යොමුව ඇත්තටම jpg පින්තූරයක් නොවේ- ඒ විදියට පෙනීහිටින සිප් ෆයිල් එකක්. දකුණු මූසික බොත්තම ඔබා save file as … විධානය භාවිතා කර ඔබේ පරිගනකයට බාගන්න. වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගය සිප් ෆයිල්ස් භාවිතයට ඉඩ නොදෙන නිසයි මෙලෙස කරන්න වුනේ.

මෙය බිත්තියේ ගහගන්න තරමේ A0 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන්නයි නිර්මාණය කලේ.
A0 ප්‍රමාණයේ කඩදාසියක් කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන A4 කඩදාසි 16 ක ප්‍රමාණයක්. හරියටම කියනවානම් අඟල් 46.8 x අඟල් 33.1 ක ප්‍රමාණයක දිග පළලක්.

සාමාන්‍ය නිවාස සැලසුම් ආදිය මුද්‍රණය කරන තැනකින් (CAD printing) රුපියල් 325/= ක පමණ මුදලකට මෙය මුද්‍රණය කරගන්න පුළුවනි. මම මුද්‍රණය කලේ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය ලග තැනකින්.

ප්‍රයෝජනවත් කාල පරිපාලන ක්‍රමයක්

Posted in ස්ව වර්ධනය by Nalaka(නාලක) on December 3, 2007

දින සැලසුම් පිටකට උදාහරනයක්

කරන්නට වැඩ බොහෝ ඇතත්, ඒ සදහා ඇත්තේ කුඩා කාලයක් පමණයි.
කාල පරිපාලනය ලේසි දෙයක් නොවේ. ඒ සදහා සුදුසු ක්‍රම/මෙවලම් සොයා පසුගිය වසර කීපය තුල බොහෝ පොත පත කියෙව්වා. නමුත් ඒ කිසිම ක්‍රමයක් හරි ගියේ නැහැ, මේ වනතුරු …

මේ ක්‍රමය බොහොම සරළයි. ඒත් සාර්ථක එකක් බව අත්දැකීමෙන් දන්නවා …

  1. මුලින්ම දැනට කරන්නට ඇති ‍වැඩ සියල්ලේම ලැයිස්තුවක් හදනවා.
    • මෙසේ කල විට හිතට සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා. ඔලුවේ ඇති වැඩ පැත්තක තිබ්බා වාගේ …
    • ‍ගතවන කාලය අනුව, වැඩ කාණ්ඩ තුනකට බෙදෙනවා දිග (පැය 8 ට වැඩි), සාමාන්‍යය (පැය 1-8 අතර), සහ කෙටි (පැය 1 ට අඩු) වැඩ වශයෙන්.
  2. මුළු මාසය සදහාම ඇති දින කාල නිර්ණය කල සිද්ධි සදහා කාල සටහනකුත් පාව්ච්චි කරනවා.
  3. එක් එක් දිනය සැලසුම්/සටහන් කරගැනීම සදහා, ඒ4 ප්‍රමාණයේ පිටුව බැගින් පාව්ච්චි කරනවා.
    • උඩ දකුණු පැත්තේ, “ප්‍රධාන වැඩ” හා “අනෙකුත් වැඩ” සදහා ලැයිස්තු දෙකක් තිබෙනවා.
      • මේ ලැයිස්තුවල ලිවීම, දවස පටන්ගන්නා විටම කිරීම අ‍වශ්‍යය නැහැ. දවස ගතවන විට, ඒ අනුව පිරවීම ප්‍රමානවත්.
    • පිටුවේ වම් පැත්තේ, ඒ ඒ වැඩ සදහා ගතවූ කාලය වාර්තා කිරීමට සිරස් කුඩා කොටු පේලි දුසිමක් පමණ තිබෙනවා.
      • පළමු සිරස් ‍පේලි හතර “ප්‍රධාන වැඩ” සදහායි. ඊලය පේලි හතර “අනෙකුත් ‍වැ‍ඩ” සදහායි.
      • සෑම කුඩා කොටු‍වක්ම (සාමාන්‍යයෙන්) විනාඩි 15 ක් නිරූපනය කරනවා. යම් වැඩක් සදහා ගතකල කාලය ඒ සදහා ඇති‍ කොටු‍ව පිරවීමෙන් සටහන් කරන්න පුළුවනි.
      • මේ ගැන වඩා හොද අදහසක් ලබාගැනීමට මෙම පාව්ච්කරන ලද දින සැලසුම් පිට අධ්‍යයනය කරන්න.

‍වෙලාව තිබේනම් 🙂 මේ ක්‍රමය අත්හදා බලන්න … ඔබේ අත්දැකීම මටත් කියන්න…

සටහන: දින සැලසුම් පිට සදහා මුල් අදහස “ඩේව් සියා” හා “ගේන්න අමතකවූ කිරි” යන බ්ලොග් අඩවිවලින් ලබා ගත්තෙමි.